Gossips

වයඹත් පුටු අවුලක් – මහ පුටුවට පොහොට්ටුවේ සටනක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයඹ පලාත් මහ ඇමති ධූර අපේක්ෂකත්වය සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයෙකු පත් කිරීමට ඉඩ ලබා නොදෙන බව එම පෙරමුණ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවසනවා.
පළාත් මහ ඇමති ධූරයට හිටපු අමාත්‍ය ජයරත්න හේරත් තරඟ කරන බවට පසුගියදා ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් කුරුණෑගල ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඩී.බී. හේරත් සහ සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මෙලෙස අදහස් දක්වා සිටියා.
මේ අතර, වයඹ පලාත් සභාව ඊයේ රැස් වූ අවස්ථාවේදී එහි නියෝජ්‍ය ලේකම්වරයෙකු අසුන් ගැනීමට ගිය අවස්ථාවේදි පුටුව කැඞී යාමේ පුවතක් ද වාර්තා වුණා. මීට පෙර අවස්ථා දෙකකදී පලාත් සභාවේ පුටු කැඞී යාමේ සිද්ධීන් ද වාර්තා වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.