වාමාංශික ප්රගතිශීලී බලවේග සියල්ල ඒකරාශී කරගත් නව සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂවලට අද දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළා.
ඊට අදාළ කමිටුවක්ද පත් කළ බවයි ඔහු කියා සිටියේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී අද උදෑසන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස් වුණා.
ඊට සන්ධානයේ විධායක සභා නියෝජිතයන් සියලූදෙනා එක්ව සිටි බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
එහිදී නව සන්ධානය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා කමිටුව පත් කර ඇති අතර, අනතුරුව කොළඹ – කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක්ද පවත්වා තිබෙනවා.