උතුම් වප් පුර පසළොස්වක පෝහෝ දිනය අදට යෙදී තිබෙනවා.
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුව තිබීම හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වප් පුර පසළොස්වක පොහොය වැදගත්වනවා.
මාතෘ දිව්යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් ඵලය ලබාදීම සිදු කළේ අද වැනි වප් පුර පසළොස්වක පෝහෝ දිනකයි.
බුද්ධ ප්රඥාවට පමණක් දෙවැනි වූ සැරියුත් මහ රහතන් වහන්සේ මහා ප්රඥාලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත් වූයේ ද අද වැනි වප් පොහෝ දිනක වීම විශේෂත්වයක්.
මතු බුදුවන මෛත්රී බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදිවීම, අනුලා දේවිය ඇතුලු කුල කතුන් පැවිදිබිමට ඇතුලත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා සමඟ ශ්රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමට දූත පිරිසක් දෙවනපෑතිස් රජු විසින් දඹදිවට පිටත්කර හැරීම සිදුවූයේ වප් පොහෝ දිනකයි.
ථූපාරාමයේදී සිදුකළ විනය සංඝායනාව ද සිදුකර ඇත්තේ අද වැනි වප් පෝය දිනක බව ඉතිහාසයේ සඳහන් වනවා.