Gossips

වන සතුන් නිසා 40%ක වගා හානියක්

මෙරට වන සතුන් හේතුවෙන් සිදුවන වාර්ෂික වගා හානිය සියයට 40 ක් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය සිදුකළ විද්වත් අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.
වන සතුන්ගෙන් සිදුවන භෝග හානිය වළක්වාගැනීම සඳහා මෙම අධ්‍යනය සිදුකර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.
මෙහිදී වගාවන්ට හානිකරන සතුන් ලෙස වල් ඌරන්, රිලවුන්, මොණරුන්, දඬු ලේනුන්, වන අලි සහ ඉත්තෑවන් හඳුනාගෙන ඇති අතර, එම හානිය අවම කිරීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා.