Gossips

වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
වන සංරක්ෂණ නීති රාමුව වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි අදාළ සංශෝධනය සිදුකිරීමටයි විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇත්තේ.
ඒ අනුව වනාන්තරවල ඵලදායීතාව වර්ධනය කිරීම සහ ග්‍රාමීය ජනතාවගේ සුබසාධනයට වනාන්තරවලින් ලැබෙන දායකත්වය ශක්තිමත් කිරීම ඇතුලූ අරමුණු ඇතිව වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීම අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.