වන සංරක්ෂණ සහ වනජීවි දෙපාර්තමේන්තු එක්ව නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව මහා පරිමාණ සංචාරක ව්‍යාපෘති සැලසුම් කිරිම හේතුවෙන් සිංහරාජය සහ කන්නෙලිය ඇතුළු තවත් රක්ෂිත කිිහිපයකට දැඩි පාරිසරික හානියක් සිදු වෙමින් පවතින බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පෙන්වා දෙනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය කොළඹ ඊයේ කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා.
මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී සිදුකරනු ලබන්නේ අඩි 10ට වැඩි පළලකින් පැවති මාර්ගය නැවත පිළිසකර කිරීමක් පමණක් බවයි ඔවුන් කියා සිටියේ.
මේ හේතුවෙන් කිසිදු පාරිසරික හානියක් සිදු නොවන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
