වගුරු බිමකින් එතෙර වීමට ගොස් මඬේ එරී මියගිය වනඅලි 5 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ඒ පොළොන්නරුව -තුම්මෝදර ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානයෙන්.
ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පොළොන්නරුව වනජිවි කාර්යාලයට සිදුකළ දැනුම්දීමකට අනුව මෙම වන අලි සිරුරු සොයා ගත් බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.
පොළොන්නරුව ඕනැගම පුදුර් ගම්මානය අවසානයෙන් ගලා බසින මහවැලි ගගේ අතු ගංගාවක් වන පෙරියාරු ගගේ වගුරු බිම් ප්‍රදේශයක මෙම වන අලි 5දෙනා මිය ගොස් සිටියා.
අප වාර්තාකරු සඳහන් කළේල අද අළුයම තුම්මෝදර ජාතික උද්‍යානයට ගිය ගම්වාසියෙකුට දැණුන දැඩි දුගන්දය නිරික්ෂණය කිරිමේදී සද්ධන්තයින් මියගොස්
ඇති බව දැක ඇති බවයි.
පෙරියාරු ගගෙ මේ වනවිට ජපන් ජබර නම් පාසි විශේෂය ඝන තට්ටුවක් ලෙස වැවි තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ, එය මිනිසුන්ට මෙන්ම වන සතුන්ටද දැඩි ගැටලුවක් වී ඇති බවයි.
මිට පෙරද මෙම ස්ථානයේ මඩේ එරී සිටි වන අලියෙකු බේරාගැනීමට වන ජිවි නිළධාරින් උත්සාහ කළත් එය ව්‍යර්ථ වී තිබුණා.
මෙහිදි ගම්වාසින් සදහන් කර සිටියේ ගම් වදින වන අලින් පෙරියාරු ගග හරහා සෝමාවති රක්ෂිතයට ගමන්කිරිමෙදි මෙලෙස අනතුරට ලක්වන බවයි.
ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න
