Gossips

වන අලි 4,000ක් අනතුරේ

අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා යෝජනා කර ඇති පරිදි විදුලි වැට 300 ක් පමණ ඉදි කළහොත් ඉදිරි වසර දෙක තුළ අලි ඇතුන් 4000 ක් පමණ අනතුරට පත්විය හැකි බව පරිසරවේදී නයනක රංවැල්ල පවසනවා.
පරිසරය හා ජාතික උරුමයන් පිළිබඳ අවධානයට ලක් කෙරෙන තම්බපණ්ණී මාසික සඟරාව ජනගත කිරීමේ උත්සවයට කොළඹදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.