Gossips

වන අලි සෙවීමට ඩ්‍රෝන කැමරා

ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන පුත්තලම – කල්අඩි සහ ගල්වැව වන ප්‍රදේශවල අලින් වෙසෙන ස්ථාන හඳුනාගැනීමේ ව්‍යාපෘතියක් වන ජීවී දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන වන අලින් සිටින ස්ථාන හඳුනාගෙන ඔවුන් තබ්බෝව අභයභූමිය වෙත පලවා හැරීමට කටයුතු කරන බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදාවේද සහය හිමිවී ඇති අතර, ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් මෙවැනි මෙහෙයුමක් සිදුකරන ප්‍රථම අවස්ථාවද මෙය බවයි චන්දන සූරියබණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේ.