Gossips

වන අලි ප්‍රහාරයකින් බදුල්ලේ සිසුවෙක් රෝහලේ

බදුල්ල, කොස්ලන්ද අක්කර 100 ප්‍රදේශයේදී වන අලි පහර දීමකට ලක් වූ වයස අවුරුදු 7 ක සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
කොස්ලන්ද නිකපොත විද්‍යාලයේ ඉගෙනුම ලබන ලහිරු ලක්ෂාන් නමැති මේ සිසුවා උදැසන පාසැල වෙත පැමිණෙමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
අද(12) උදැසන 5.30ට පමණ සිදු වූ මේ වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සිසුවා මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඔහුගේ හිස පෙදෙසට සිදුවී ඇති බරපතල තුවාල හේතුවෙන් ඔහුට ස්නායු ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.