Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට – සිරුරත් රැගෙන ප්‍රදේශවාසීන් විරෝධයක (ඡායාරූප)

දිඹුලාගල වෙහෙරගල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 7 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගොස් ඇත්තේ 58 හැවිරිදි අයෙක් වන අතර තුවාල ලබා ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය ගොවියාගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් වෙහෙරගල වනජීවී කාර්යාලය අසලට රැගෙන ගොස් ඊයේ රාත්‍රී පැය 2 ක පමණ කාලයක් විරෝධතාවක නිරතවුනා.
ඒ වන අලි ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙසට ඉල්ලමින්.
අනතුරුව පොලිසියේ මැදිහත් වීමෙන් මියගිය පුද්ගලයාගේ සිරුර අරලගංවිල රෝහල වෙත රැගෙන ගොස් තිබුනා.
අප වාර්තාකරු කියාසිටියේ එම අවස්ථාවේ වෙහෙරගල වනජීවී කාර්යාලයේ නිලධාරින් ද ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයක නිරතව සිට ඇති බවයි.
ප්‍රදේශවාසීන් විසින් වනජීවී කාර්යාලයට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ලකර ඇති අතර අරලගංවිල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදු කරනවා.


ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර