වන අලි ප්‍රහාරයකට ලක්ව පොළොන්නරුව – කලහගල ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පැල් රැකීමට ගොස් අද (07) අලූයම 4.45ට පමණ නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.
(ඡායාරූප- රොෂාන් තුෂාර – පොලොන්නරුව )
