Gossips

වන අලි ප්‍රහාරයකින් පානම දී දෙදෙනෙකු මරුට

පානම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පානම වැවට ධීවර කටයුතු සඳහා යමින් සිටි දෙදෙනෙකුට මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
බරපතල තුවාල ලැබූ ඔවුන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පානම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 56ත්, 61ත් යන වයස්වල පසුවන්නන්.