Gossips

වන අලි ප්‍රහාරයකින් දෙදෙනකු මරුට

නාවුල – ලිහිණිපිටිය – මඩවලඋල්පත ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ(20) රාත්‍රියේ මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත්තේ අවුරුදු 29 සහ 30 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක්.
මොවුන් යතුරුපැදියකින් අසළ නිවසකට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.