Gossips

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

මින්නේරිය – සිංහඋදාගම – ගල්මුල්ල – තඹලවැව රක්ෂිතයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ ඇය තවත් තුන්දෙනෙකු සමඟ දර කැඞීම සඳහා රක්ෂිතයට ගොස් නැවත නිවෙස බලා පැමිණෙන අවස්ථාවේදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි තඹලවැව – ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.