වන අලි ප්රහාරයකට ලක්ව පොළොන්නරුව – කලහගල ප්රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පැල් රැකීමට ගොස් අද (07) අලූයම 4.45ට පමණ නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම වන අලි ප්රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 37 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.
මේ අතර මැදවච්චිය කරම්බන්කුලම ප්රදේශයේදී වන අලියෙකු පහරදීමන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
නිවස ඉදිරිපිට මිදුල අතුගාමින් සිටියදී මෙම කාන්තාව වන අලියාගේ පහරදීමට ලක්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.
බරපතල තුවාල ලැබු ඇය මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ අවුරුදු 48 ක් වන කාන්තාවක්.
ඡායාරූප- රොෂාන් තුෂාර – පොලොන්නරුව