අම්පාර පානම වැව ආසන්නයේදී වන අලි පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අද උදෑසන 6.30 ට පමණ වැවේ මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙකු මෙලෙස වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහලට රැගෙන එන අතරවාරයේදී මරණයට පත්වී තිබෙනවා.
පානම වැව ආරම්භ වන ස්ථානයේ ඇති කැලෑබද මාර්ගයකින් යමින් සිටියදී ඔවුන් වන අලියාගේ පහරදීමට ලක්වි ඇතැයි සඳහන්.
වැවේ මසුන් අල්ලමින් සිටි පිරිසක් පැමිණ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහලට ගෙන යාමට පියවර ගෙන තිබුනා.
මියගිය දෙදෙනාම ධීවරයන් වන අතර මේ දිනවල මුහුද රළු වීම හේතුවෙන් පානම වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.
මියගොස් ඇත්තේ පානම ගම්මානයේ පදිංචි අවුරුදු 58 ක් සහ 59 ක් වන දෙදෙනෙක්.
ඡායාරූප – අම්පාර වසන්ත චන්ද්රපාල