Gossips

වන අලි පහරදීමකින් දෙදරු පියෙක් මරුට

මින්නේරිය දියබෙදුම ප්‍රදේශයේදී අද (07) උදැසන සිදුවුණු වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය දියබෙදුම ඉහකුළුවැව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි දෙදරු පියෙක්.
ඔහු අද(07) උදෑසන සිය ගෙවත්තේ සිටින අවස්ථාවේදියි මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.
මේ දිනවල අස්වනු නෙලීම ආරම්භ කර ඇති බැවින් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටින වන අලි ගම්වදින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.