Gossips

වන අලි දෙදෙනෙකු දුම්රියට බිලි – දුම්රියත් පිලී පනී (ඡායාරූප)

අඹන්පොලදී සහ පළුගස්වැවදී දුම්රියේ ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
පිලීපැනීමක් නිසා මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයද කැකිරාවට පමණක් සීමා වන බවයි ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ දුම්රියේ ඊයේ රාත්‍රියේ අඹන්පොලදී වන අලින් දෙදෙනෙකු ගැටී තිබෙනවා.
ඉන් එක් වන අලියෙකු මියගොස් ඇති අතර, අනෙක් වන අලියා බරපතල තුවාල ලබා ඇති බව සඳහන්.
මේ අතර, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ පළුගස්වැවදී තවත් වන අලියෙකු ගැටී තිබෙනවා.
එම වන අලියාද මියගොස් ඇති අතර, දුම්රියද පිලී පැන ඇති බවයිි ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ කොළඹ සිට ධාවනය වන සියලූ දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානයට පමණක් සීමා වනවා.
මේ අතර, මේ වසරේ ගත වු මාස 10 තුළ දුම්රියේ ගැටී වනඅලි 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පසුගිය 09 වැනිදා වැලිකන්ද සහ පූනෑව අතරතුරදී දුම්රියක ගැටී වන අලියෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම, හබරණ සහ පළුගස්වැව අතර මාර්ගයේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටී වනඅලීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය මස 18 වනදායි.
පසුගිය 6 වනදා රාත්‍රියේ ද පොළොන්නරුව – වැලිකන්ද – නාමල්ගමදී වන අලි තුන්දෙනෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම, දුම්රිය මාර්ගයේ වන අලි ගැටීම් සිදුවන ස්ථාන නිරීක්ෂණය කිරීම සදහා පත් කළ කමිටුව ඊට අදාළව නිර්දේශ 5 ක් මීට පෙර යෝජනා කර තිබුණා.

ඡායාරූප – හබරණ සංජය මදුෂාන්