දුම්රිය මාර්ගයේ වන අලි ගැටීම් සිදුවන ස්ථාන නිරීක්ෂණය කිරීම සදහා පත් කළ කමිටුව ඊට අදාළව නිර්දේශ 5 ක් යෝජනා කර තිබෙනවා.
පසුගිය දින දෙකේදී ඔවුන් ත්‍රිකුණාමල සහ මඩකලපුව යන දුම්රිය මාර්ගවල වනඅලි හැසිරීම පිළිබදව තොරතුරු ලබා ගත් අතර, ඒ අනුවයි මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ.
දුම්රිය රියදුරන්ට මාර්ගය පැහැදිලිව දර්ශනය වීමට ඒ දෙපස මීටර් 30 ක් දක්වා වූ ළදු කැලෑ එලි කිරීම, දක්වා ඇති වේග සීමා නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම මෙන්ම මාර්ගය දෙපස කදුගැට සහිත ස්ථානවල අලි ඇතුන්ට මාරු වීම සදහා ඉහළින් මාර්ග ඉදිකිරීම එම යෝජනා අතර වනවා.
