Gossips

වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා පුද්ගලයෙක් උපවාසයක (ඡායාරූප)

දෛනිකව තමන් මුහුණදෙන වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා දිඹුලාගල කළු කැලේ ප්‍රදේශයේ පුද්ගලයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන සිට පොළොන්නරුව මහියංගනය ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමක වහලක් මත නැගී මෙම පුද්ගලයා උපවාසයේ නිරතවන බවයි.
කළු කැලේ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙක් වන උපවාසයේ නිරත පුද්ගලයා පෙන්වා දෙන්නේ දිනෙන් දින එල්ලවන වන අලි තර්ජනයට කිසිදු බලධාරියෙකුගෙන් විසඳුමක් නොලැබුනු බවයි.
අලි වෙඩි හෝ ලබාදීමට වන ජීවී නිලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් තමන් මෙම උපවාසයේ නිරතවන බව ඔහු කියාසිටියා.
වන අලි සිදුකර ඇති වගා හානිවලට වන්දි ලබාදෙන ලෙසට ද මෙම පුද්ගලයා ඉල්ලා සිටිනවා.
මෙම ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් උපවාසයේ නිරතවන බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.
වන ජීවී නිලධාරීන් උපවාසයේ නිරත පුද්ගලයා සමග සාකච්ඡා කළ ද ඔහු එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති අතර වන අලි ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් උපවාසය අත් නොහරින බවයි ප්‍රකාශකර ඇත්තේ.


ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර