Gossips

වන අලි ගම්වැදීමට එරෙහිව මහදිවුල්වැව දී විරෝධතාවක් (ඡායාරූප)

වන අලි ගම්වැදීම්වලට විරෝධය පළ කරමින් ත්‍රිකුණාමලය – හොරොව්පතාන මාර්ගයේ මහදිවුල්වැව ප්‍රදේශයේදී අද (16) විරෝධතාවක් පැවැත්වුණා.
වන අලින්ගෙන් සිදුවන ජිවිත සහ දේපළ හානි සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි විරෝධතාකරුවන් එහිදී පවසා සිටියේ.
විරෝධතාව පැවති ස්ථානයට පැමිණි මොරවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා විරෝධතාකරුවන්ට පවසා සිටියේ අදාල බලධාරීන් සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාකර විසඳුමක් ලබාදෙන බවයි.
ඒ අනුව විරෝධතාකරුවන් විරෝධතාව අවසන්කර විසිර ගියා.


ඡායාරූප – ත්‍රිකුණාමලය, අබ්දුල්සලාම් යාසීම්