Gossips

වන අලි උවදුරට පිලියම් ඉල්ලා ශ්‍රාවස්තිපුර ගම්වාසීන් විරෝධතාවක

වනඅලි ගම්වැදීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස වනජිවි දෙපාර්තමේන්තුවට බල කරමින් අනුරාධපුර – ශ්‍රාවස්තිපුර – මොරගොඩ ගම්වාසීන් අද විරෝධතාවක නිරත වුණා.
ඔවුන් අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර ඒ හේතුවෙන් ගමනාගමන කටයුතු ද ඇණහිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
තම වගාවන්ට හානි කරමින් වනඅලි ප්‍රදේශයේ ගැවසෙන බව පවසමින් සහ ජීවිත කිහිපයක් ද වනඅලි ප්‍රහාරවලට ලක්ව අහිමිවී ඇති බව එහිදී විරෝධතාකරුවන් කියා සිටියා.
කෙසේ වෙතත්, පසුව පොලීසිය මැදිහත්ව විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.