Gossips

වන අලියෙකු පහරදීමෙන් මොනරාගලදී පුද්ගලයෙකු මරුට

මොනරාගල – ඇතිමලේ – කොටියාගල – මුත්තාවල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මයුරාගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
එම පුද්ගලයා පාපැදියෙන් දානමය කටයුත්තක් සදහා සහභාගි වීමට හේනේ සිට යමින් සිටියදී වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.