Gossips

වන අලියෙකුගෙන් ගම්මානයකට තර්ජන

තිස්සමහාරාම කොඩිගහවැව ප්‍රදේශයේ නිවාස කිහිපයකට වන අලියෙකු පහරදී අලාභ හානි සිදුකරන ආකාරය අදාළ නිවසේ සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ කොඩිගහවැව ප්‍රදේශයට මේ දිනවල පවතින වන අලි තර්ජනයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් අපහසුතාවට ලක්ව ඇති බවයි.
දින කිහිපයකට පෙර නිවසකට එල්ලවු වන අලි ප්‍රහාරයකින් නිවෙසේ සිටි පිරිස තුවාල ලබා ඇතැයි ද සඳහන්.