Gossips

වනෝද්‍යානවල සංචාරයේදී, සැලකිලිමත් වන්නැයි උපදෙස්

ජාතික වනෝද්‍යානවල සංචාරය කිරීමේදී සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ විවෘත වාහන තුළ ගමන් කිරීම, පා ගමනින් සහ තනිව ගමන් කිරීමෙන් මෙන්ම වන සතුන් ගැවසෙන ප්‍රදේශවලට ඇතුලූවීමෙන්ද වළකින ලෙසයි.
මේ අතර, කුමන ජාතික වනෝද්‍යානයේ දිවියන් ගැවසෙන ප්‍රදේශ සංචාරකයන් සඳහා තාවකාලිකව තහනම් කලාප ලෙස නම් කර තිබෙනවා.
එම ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දිවියෙකු පහර දී පුද්ගලයෙකු මිය යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ වන විටත් දිවියන් 30ත්, 40ත් අතර ප්‍රමාණයක් කුමන ජාතික වනෝද්‍යානය තුළ සැරිසරන බව සඳහන්.
පෙරේදා සිදුවූ මෙම පහරදීමෙන් වනෝද්‍යානයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියක නිරත කම්කරුවෙකු ජීවීතක්ෂයට පත්වූ අතර, තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.
දිවියා විසින් එම කම්කරුවා ඩැහැගෙන ගොස් තිබූ අතර පසුවයි වනජීවි නිලධාරීන් ඔහුගේ සිරුර සොයා ගනු ලැබුවේ.