Gossips

වනෝද්‍යානවලට ඇතුළු වන සංචාරකයන්ට අන්තර්ජාලය හරහා අවසර පත්

මෙරට වනෝද්‍යාන නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ට අන්තර්ජාලය හරහා අවසර පත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සංචාරක සංවර්ධන සහ වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශ මගින් හඳුන්වා දී තිබෙනවා.
සංචාරකයන්ට වනෝද්‍යානවලට ඇතුළුවීමේදී දිගුවේලාවක් රැදී සිටීමට සිදුවීම සැලකිල්ලට ගෙන එම පියවර ගනු ලැබූ බවයි සංචාරක සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.
විශේෂයෙන් යාල ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම සඳහා ඇතැම් සංචාරකයන් අලුයම 4.30 සිට රැදී සිටින බව අනාවරණ වී තිබෙනවා.
මේ නිසා මුලින්ම යාල වනෝද්‍යානය සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන අතර පසුව එම ක්‍රමවේදය අනෙකුත් වනෝද්‍යාන සඳහා ද ව්‍යාප්ත කෙරෙනු ඇති.