Gossips

වනාතවිල්ලුවේ අවි සොයාගැනීම ගැන පුළුල් පරීක්ෂණ සන්නද්ධ කල්ලියක්දැයි සැක

පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් තොගයක් සමඟ වනාතවිල්ලූවේදී පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිටුපස සන්නද්ධ කල්ලියක් සිටින්නේදැයි යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ මෙම පරීක්ෂණ මෙහෙයවන බවයි වාර්තාවන්නේ.
පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් තොගයක් සමඟ වනාතවිල්ලූවේ ගොවිපලක හිමිකරු ඇතුලූ තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය සතියේදියි.
මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීමේ සිද්ධින් පිළිබඳව සිදුකළ විශේෂ පරික්ෂණයක් අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.