අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා කණ්ඩායම් 08ක් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය 5 වනදා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ අවුරුදු 45ක් වයසැති අනුරාධපුර – විජයපුර මාවතේ පදිංචිකරුවෙක්.
මෙම ඝාතනයට හේතුව දෙපාර්ශවයක් අතර කළක පටන් පැවති ආරවුලක් බවටයි මීට පෙර අනාවරණ වුණේ.