Gossips

වන්දි ඉල්ලා අනුරාධපුරයේ විරෝධතාවක්

අනුරාධපුර ඉදි කෙරුණු යාන්ඔය ජලාශයට යටවූ ගම්මානවල නිවාස හා ඉඩම්වලට මේ දක්වා වන්දි නොලැබුණු ජනතාව අද පස්වරුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩාවැදී තමන්ට වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වුණා.
පසුව විරෝධතාකරුවන් විසිර ගියේ දිස්ත්‍රික් ලේකම්වරයා නියෝජිතයින් කිහිපදෙනෙක් සමග සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුවයි.