Gossips

වනජීවී නියාමකවරු හෙට සිට අකුරට වැඩ

වනජීවී නියාමකවරුන් හෙට (27) සිට අකුරට කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමය මාතරදී අද (26) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියා.
එම සංගමය පවසන්නේ වනජීවී නියාමකවරුන්ට මෙතෙක් ලැබෙන දිරි දීමනාව ඉහළ දමන ලෙස මිට පෙර අවස්ථා ගණනාවකදී බළධාරීන්ට දැනුම්වත්කර තිබුනද එයට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් එයට විරෝධය පළකරමින් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.