ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සංචාරක මුර සේවයේ යෙදී සිටි වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
වන උද්‍යානය තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී ඊයේ (06) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
පහරදීමෙන් ඔවුන්ගේ පාදවලට හානි සිදුව ඇති අතර, ලුණුගම්වෙහෙර රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට මාරු කර යවා තිබෙනවා.
