ලංකාවේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මුල් කරගෙන මිනිසුන් රවටන අධම මිනිසුන්ගේ අලුත්ම දේශපාලන කරණමක් ගැන ලියුම්කරු වෙත වෙත වාර්තා වේ. වනචර දශකයේ, බැසිල්, මහින්ද, ගෝටා ඇතුළු හෙන්චයියන් පිරිස සිදුකල ක්‍රියා පිලිබඳ විවේචන ලියුම්කරුට ඇත. වනචර දශකයේ ගෝඨාභය පිලිබඳ සැලකූ විට ඔහු පිලිබඳ අපට විවේචන නැත්තේ නොවේ. නමුත් සිරිසේන නමැති පල්ලවත්තේ ගමරලයා සමග ගත් කල ගෝඨාබය යනු ගමරලයා මෙන් මෝඩ කුකහ ඒකාධිපතියෙකු නොවන බව රටට දැන් වැටහී ඇති බව පෙනේ. නමුත් මේ කතාව ඒ පිලිබඳ නොවේ. මේ වෙනත් ගේමක් පිලිබඳවය.
ගෝඨාභය විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ඉඟි පළකිරීමත් සමගම ප්‍රතිවිරුද්ධ පොදු අපේක්ෂක සිහින දකින්නන් බියවී ඇති බව වාර්තාවේ. ඒ අනුව ගෝඨාභයගේ ජනාධිපති සිහිනය කුඩුපට්ටම් කර දැමීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකා මෙන් කටයුතු කිරීමට මංගල, රනිල්, අනුර, සම්පන්තන්, විග්නේශ්වරන්, මලික් ඇතුළු කල්ලිය දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බව අපගේ අභ්‍යන්තර ඔත්තුකරුවන් පවසයි. එම ගේමේ කොටසක් ලෙස මංගලගේ අසූචි බුදින අතරේ යටින් සිරිසේනගේ ගේම් ගසන නුවන් නිරෝධ අල්විස් යන බත් බැලයාගේ කණ්ඩායම ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටිමින් පොහොට්ටුවේ මත ගැටුම් ඇතිකර පොහොට්ටු සාමාජිකයන් අතර සමගිය බිඳ හෙලීමට යෙදවීමට, මෙම පිරිස තීරණය කර ඇත.
නුවන් නිරෝධ අල්විස් යනු ලුම්බිණියෙන් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාල කර ගනිමින් රස්තියාදු ගසමින් සිටින කාලයේ මංගල සමරවීරට සෙට් වෙන ලොල්ලෙක් බව ඔහුගේ අතිජාත මිත්‍රයන් විටෙන් විට විහිලුවට කීවද ඇත්ත කතාව එයයි. චන්ද්‍රිකාගේ මඩ පත්තරේ කතෲ පුටුව නිරෝධට ලැබෙන්නේ මංගල සමරවීර හරහාය, ඔහු ඒ වෙනුවෙන් මංගලගේ කුමන අවශ්‍යතා ඉටු කෙරුවේදැයි අදටත් රහසකි. මංගල ජනමාධ්‍ය ඇමති වෙනවාත් සමඟම නුවන් නිරෝධ ජාතික රූපවාහිණියට යන්නේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසටය. ජනමාධ්‍ය පිලිබඳ උපාධි සහ දැනුම ඇති පුද්ගලයන් සිටියදී ඒ පිලිබඳ සත පහක දැනුමක් නැති හරකෙකු ඒ වෙනුවෙන් යොදවන්නට මංගල කටයුතු කරන්නේ සිය අවශ්‍යතා ඔහු හරහා කරවා ගැනීමටය. මංගලගේ සහ නුවන් නිරෝධගේ සම්බන්ධය ඒ ආකාරය. නමුත් මෙම සම්බන්ධය කිසිවෙකුට දැනගන්නට නොතබන්නේ නිරෝධ නැමැත්තා ඔත්තු කරුවෙකු ලෙස තබාගෙන තමන්ට විරුද්ධව ජාතික රූපවාහිනිය තුල කටයුතු කරන්නේ කවුදැයි දැනගැනීම සඳහාය. ඒ අනුව ජාතික රූපවාහිනියේ සේවකයන් කරන කතාබහ කේලම් ලෙස මංගලගේ කනේ තබන්නේ නුවන් නිරෝධ නැමැත්තාය. මංගල, රාජපක්ෂ ආණ්ඩුවෙන් පිටවීමත් සමඟ නුවන් නිරෝධට එලෙසම නිෂ්පාදක තනතුරේ සිටින්නට කියන්නේ ඔත්තුකරුවෙකු වශයෙනි.
ඒ අනුව 2010 දී නුවන් නිරෝධ මහින්දගේ ආණ්ඩුව හරහා කැස්බෑව ප්‍රාදේශීය සභාවට තරඟ වදින්නට පවා ඉදිරිපත් වෙන්නේ මංගලගේ ඉල්ලීමටය. එනමුත් මහින්දගෙන් නුවන් නිරෝධට නාම යෝජනා නොලැබෙන්නේය.. එවිට මංගල නුවන් නිරෝධට එජාපයෙන් නාම යෝජනා ලබා දේ. දිගින් දිගටම මංගලගේ උපදෙස් පිට රාජපක්ෂ කඳවුරේ ප්‍රභල සයිබර් භූමිකාවකට පණ පොවන නුවන් නිරෝධ ධනසිරි අමරතුංග හරහා මහින්ද රාජපක්ෂ අසලටම යන්නට කටයුතු කරයි. නුවන් නිරෝධගේ සැබෑ අරමුණ රාජපක්ෂ කඳවුර දියාරු කර හැරීමයි. සෑම වැඩකදීම මංගලගේ උපදෙස් පරිදිම එම වැඩය නුවන් නිරෝධ විසින් වෙබ් අඩවි හරහා දිය කර හැරියේය. මංගලගේත් නුවන් නිරෝධගේත් මේ සම්බන්ධයට කණකොකා හඬන්නේ නුවන් නිරෝධ තම ගෝලයෝ සමඟ මංගලට හොරෙන් රවී මුණ ගැහුන දිනයේ සිටය. ඒ පිලිබඳ ආරංචි වූ මංගල නුවන් නිරෝධට දුරකථනයෙන් අමතා අම්මා තාත්තා පවා මතක් කර දොස් නැගූ බව නොදන්නා කිසිවෙක් නැත.
එතැන් පටන් නුවන් නිරෝධ හා ඔහුගේ පිරිවර නන්නත්තාර වීමට පටන් ගෙනතිබේ. ඒ සමග රවී කරුනානයකට හෙත්තුවන මේ කණ්ඩායම රවී කරුණානායකගෙන් සල්ලි අරන් ඔහුගේ එජාප වැඩ කරන ගමන්, යුධ නැව් මගඩියේ සැලසුම්කරු වෙන ජනාධිපති බෑණා තිලිණ සුරංජිත් හා එක්ව රවී කරුණානායකට මඩ ගසන්නටද කටයුතු කරති. මේ පිලිබඳ කන වැකෙන රවී කරුණානායක එය විශවාස නොකලත් සිය හිතවතෙකු මාර්ගයෙන් නුවන් නිරෝධ ඇතුළු කණ්ඩායම පිලිබඳ තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශයෙන් සොයා බලා තිබේ. එහිදී නුවන් නිරෝධ ඇතුළු කණ්ඩායම ජනාධිපති මාධ්‍ය අංශයේ වැටුප් ලබන බව සොයාගැනීමට හැකිවී තිබේ. ඕකගේ ඩබල් ගේම් වලට මම හොඳ වැඩක් කරන්නම් යනුවෙන් පවසා ඇති රවී, තොරතුරු දැනගැනීමේ පනත හරහා ජනාධිපති මාධ්‍ය අංශයෙන් එම තොරතුරු ඉල්ලා තිබේ.
එම ඉල්ලීමට පිළිතුරු ලෙස රවී කරුණානායකට ලැබී තිබෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් හෙයින් ඉල්ලා ඇති තොරතුරු ලබාදිය නොහැකි බවයි. බලලා මල්ලෙන් එලියට පනින්නේ කිසිවෙකුත් නොදැනය. නුවන් නිරෝධ නැමැත්තා සහ කණ්ඩායම ජනාධිපති මාධ්‍ය අංශයට අනුයුක්තව කටයුතු නොකරයි නම්, එලෙස කිසිවෙකුත් සේවය කරන්නේ නැත කියා තොරතුරු ඉල්ලීමේ ලිපියට පිළිතුරු සැපයිය හැකිව තිබුනත්, ජනාධිපති මාධ්‍ය අංශය පිළිතුරු දෙන්නේ ජාතික අරාක්ෂවට තර්ජනයක් නිසා එම තොරතුරු ලබා දිය නොහැකි බවයි. හොරාට කලින් කෙහෙල් කැන වැට පනින්නේ ඒ මොහොතේදීය. එනම් නුවන් නිරෝධ නමැති දෙපිටකාට්ටුවෝ මංගලගේ ගේම් ගසනා අතරේ, තිලිණ සුරන්ජිත්ගේ පිහිටෙන් ජනාධිපති මාධ්‍ය අංශයට රිංගා එතැනින්ද මුදල් ගන්නා ගමන්, තමන්ට ද කඩේ යමින් මුදල් ගැරීමක නිරත වන බව රවී කරුණානායකට දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව තමන් සාක්ෂි සහිතව හොඳ අවස්ථාවක් එනතෙක් සිටීමට තීරණය කර ඇතැයි රවී කරුණානායක විසින් සිය සමීපතමයන් සමග පවසා තිබේ.
කෙසේ වෙතත් මේ දේපිටකාට්ටුවන්ගේ ඊලඟ ඉලක්කය ගෝඨාගේ කඳවුරට පැනීම බව ඔවුන්ගේම කල්ලියේ හෝමාගම ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයෙකු තැන තැන කියවමින් යන බව වාර්තා වේ, මෛත්‍රී බලයට ගෙනාවේ නුවන් ඇතුළු සිය කණ්ඩායම බවත්, රකපක්ෂ එලෙව්වේද සිය කණ්ඩායම බවත්, එසේ නම් ගෝටා ජනාධිපති කරවීම තමන්ට කජ්ජක් බවත් කියවමින් යන මේ පුද්ගලයාට තතු දත්තෝ පුකෙනුත් හිනාවෙන බවත් ලියුම්කරුට වාර්තා වේ. කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ හිට්ලර් වන ගෝඨාගේ උපන්දිනය දා සුභ පැතුම් එක් කරමින් මොවුන් මේ අළුත් පාලම හදන්නට කටයුතු කර ඇති බව සඳහන්. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හරහා මේ එකතුවීම උදෙසා කටයුතු කරන බව මංගල සමරවීර අමාත්‍යවරයාට සැල වී තිබෙන බවත්, “මුන් විමලෙවත් අල්ලගෙන ඉන්නේ…. විමලෙත් කාලා…. ඕකා නම් ගෝඨාවත් හූරගෙන කයි” ලෙසින් සිනාසෙමින් හිතවතුන් හා පවසා තිබෙන බවත් ලියුම්කරු වෙත වාර්ථා වේ.