වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධියකින් පසු වැල්ලවාය – වරුණගම – රණවිරුගම – මංසන්ධියට පැමිණ ප්‍රදේශවාසීන් පිරිසක් අද (20) විරෝධතාවයක නිරත වුණා.
එම ස්ථානයට පැමිණි වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ වැල්ලවාය සහකාර පොලිස් අධිකාරිවරයා සමඟ විරෝධතාකරුවන් මේ වනවිට සාකච්ඡාවක් නිරත වනවා.
