වදහිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන අනුකමිටුවේ නියෝජිත පිරිසක් ලබන අප්‍රේල් දෙවනදා සිට 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.
ඔවුන් මෙරටදී වද හිංසා සහ නොසැලකුම්වලට එරෙහි ආරක්ෂාව වළක්වා ඇති පුද්ගලයන් පිළිබදව පරීක්ෂාවට ලක් කරන බවයි එමගින් වැඩිදුරටත් සදහන් කළේ.
4 දෙනෙකුගෙන් යුත් මෙම නියෝජිත කණ්ඩායම අදාළ අමාත්‍යවරුන් මෙන්ම, මෙරට මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන සමග ද අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.
වදහිංසාවලට එරෙහි ජගත් සංවිධාන ප්රඥප්තියට අනුගත වීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ඔවුන් මෙරට බළධාරින්ට උපදෙස් ලබාදෙනු ඇති බවයි මානව හිිමිකම් කොමසාරිස් කාර්යාලය සදහන් කළේ.
වදහිංසා වැළැක්වීමේ ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබදවද එලෙස ඔවුන් උපදෙස් ලබාදීමට නියමිතයි.