දෛනික වැටුප් වැඩි කර ගැනීම සදහා වතුකම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කර එහි තීන්දුව දෙසැම්බර් 3 වනදා වනවිට තමන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වතුකම්කරු සංගම් සහ හාම්පුතුන්ගේ සංගමයේ නියෝජිතයන්ට දැනුම්දී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි.
එහිදී දෙපාර්ශවයේම කරුණු පිළිබදව අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ මෙම ගැටලූවට කඩිනම් විසදුමක් අවශ්‍ය බවයි.
