Gossips

වතු සේවකයින්ට අමතර රුපියල් 50 දීමනාවට කැබිනට් අනුමැතිය

වතු සේවකයින්ගේ දෛනික මූලික වැටුපට අමතරව, තවත් රුපියල් 50 ක දීමනාවක් ලබාදීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 750 දක්වා ඉහළ දැමීමට වැවිලි සමාගම් පසුගියදා එකඟත්වයකට එළඹුණා.
නමුත්, එම වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවන බවට වතු කම්කරුවන් ප්‍රකාශ කළා.
ඒ අනුවයි, මෙලෙස දෛනික වැටුපට අමතරව, රුපියල් 50 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළේ.