Gossips

වතු සේවකයන් පිරිසක් ගසක් මත නැගී විරෝධතාවක

තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලා උඩුගම නාකියාදෙණිය ප්‍රදේශයේ වතු සේවකයන් පිරිසක් අද ගසක් මත නැගී විරෝධතාවක නිරත වුනා.
අප වාර්තාකරු සඳහන් කළේ අදාළ වතු යායේ 1300 ක් පමණ වන සේවකයන් පසුගිය 25 වනදා සිට වැඩ වර්ජනයක ද නිරතවන බවයි.
ගස මත නැගී විරෝධතාවයේ නිරතවු සේවකයන් 5 දෙනා සඳහන් කර ඇත්තේ රුපියල් දහසක වැටුපක් ලබා දෙන බවට වතු පාලනාධිකාරිය විසින් ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තෙක් ගසෙන් නොබසින බවයි.