Gossips

වතු වෘත්තීය සමිතිවලට ජනපතිගෙන් ඉල්ලීමක්

වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වතු කම්කරු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා.
වැටුප් ගැටලුව පිළිබඳ අදාළ සමාගම් සමග සාකච්ඡා කර එකඟතාවකට එළඹෙන තෙක් වර්ජනය නතර කර සේවයට වාර්තා කරන ලෙසටයි ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ.
වතුකරයේ දැනට පවතින වර්ජනය සහ වැටුප් වැඩි කිරීම් පිළිබඳ සාකච්ඡා කිරීමට අදාළ වෘත්තීයස මිති නියෝජිතයන් සමග පැවති හමුවකදී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඉල්ලීම සිදු කළා.
වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් හිමිවිය යුතු බවට තමා විශ්වාස කරන අතර ඊට සමගාමීව තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ද අවශ්‍ය පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.
වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව පිළිබඳ වතු සමාගම් සමග සාකච්ඡාවක් ලබන 19 වනදා කැඳවීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.