වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ (15) පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී තිබෙනවා.
ඒ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට වතු හාම්පුතුන්ගේ සංගමය එකඟත්වය පළ නොකිරීම හේතුවෙන්.
මෙම සාකච්ඡාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ කඳුකර ඒකාබද්ධ වෘත්තීය සමිතිය ඇතුළු කම්කරු සමිති එක්ව සිටි බව සඳහන්.
ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය එස්. අරුල්ස්වාමි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ හාම්පුතුන්ගේ සංගමය තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම සාකච්ඡා වටය ද අසාර්ථක වූ බවයි.
