Gossips

වතු කම්කරු සහ හාම්පුතුන්ගේ සංගම් අතර සාකච්ඡා සාර්ථකයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සංගමය සමඟ අද පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්. අරුල්ස්වාමි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර වසර දෙකකට බල පැවැත්වෙන පරිදි අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත බවයි.
දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් වතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.