Gossips

වතු කම්කරු සංගම් තීරණාත්මක සාකච්ඡාවක

දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටි වතු කම්කරු සංගම් සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙහිදී අවම වැටුප සම්බන්ධයෙන් ස්ථිර විසඳුමකට පැමිණීමට හැකිවනු ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්. අරුල් සාමි කියා සිටියේ.
රුපියල් දහසක වැටුප් ඉල්ලීම මුල් කරගනිමින් දින 8ක් පුරා වතු කම්කරුවන් වර්ජනයක නිරතවූ අතර, පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එය අත්හිටුවීමට පියවර ගැනුනා.
එමෙන්ම වැටුප් වැඩි කිරීම පිළිබදව වතු හාම් පුතුන්ගේ සංගමය සමග ලබන 19 වන දා සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදෙන බවට ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මීට පෙර සඳහන් කළා.