Gossips

වතු කම්කරු වැටුප වැඩි කරන්නැයි ඉල්ලා ජනතා පෙත්සමක් (ඡායාරූප)

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1281 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය ජනතා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.
අද දහවල් හැටන් නගරයෙන් එම කටයුතු ඇරඹුණු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මීට අමතරව තවත් වතු ආශ්‍රිත ප්‍රදේශ රැසක කම්කරුවන් අදත් රුපියල් දහසක වැටුපක් ඉල්ලා විරෝධතාවල නිරත වුණා.
දැනට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 530 ක්.

හැටන් – රංජිත් රාජපක්ෂ