Gossips

වතු කම්කරු වැටුප් සාකච්ඡා අදත් විසඳුමකින් තොරව අවසන්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවක ද විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.
මෙම සාකච්ඡාවට දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නියෝජනය කරමින් කැබිනට් නොවන අමාත්‍ය වී.රාධා ක්‍රිෂ්ණන් මෙන්ම කැබිනට් නොවන කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකද එක්ව සිටි බව සඳහන්.
ඊට අමතරව වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු කම්කරු වෘත්තීය සමිති ද සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.
කෙසේ වෙතත්, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට නොහැකි බව මෙහිදී හාම්පුතුන්ගේ සංගමයේ නියෝජිතයන් ප්‍රකාශ කිරීම හේතුවෙන් සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බවයි කැබිනට් නොවන අමාත්‍ය වී.රාධා ක්‍රිෂ්ණන් ප්‍රකාශ කලේ.