වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවත් විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් සහ වතු සමාගම්වල ප්‍රධානීන් අද පැවති සාකච්ඡාවට එක්ව සිටියා.
එහිදී වතු සමාගම් ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ රුපියල් 940 ක මුදලක් තමන්ට දෛනික වැටුප ලෙස ලබාදිය හැකි බවයි.
කෙසේ වෙතත්, අමාත්‍යවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ රුපියල් දහසක මුදලක් ලබාදීමේ හැකියාව සමාගම්වලට පවතින බවයි.
ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කර දැනුම්දෙන බවයි වතු සමාගම්වල ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ.
