වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කඳුකරයේ ප්‍රදේශ රැසක අදත් විරෝධතා පැවැත්වෙන බව හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළා. හැටන් – කොටගල ගුරු විද්‍යාලයේ අභ්‍යාසලාභී ගුරුවරුන් ද අද උදෑසන ඊට එක්වූ බව සඳහන්.
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ එම ගුරු විදුහලට පිවිසෙන මාර්ගය ඉදිරිපිට ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වී තිබෙනවා.
වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට රජය මැදිහත් විය යුතු බව වතු කම්කරුවන්ගේ දරුවන් ද අධ්‍යාපනය ලබන මෙම ගුරු විද්‍යාලයේ අභ්‍යාසලාභීන් ප්‍රකාශ කළා.
