Gossips

වතු කම්කරු වැටුප් ගිවිසුමට අත්සන් තැබේ

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වූ නව අවබෝධතා ගිවිසුමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී අද අත්සන් තැබූ බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.
වතු හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මීට අත්සන් තබා තිබෙනවා.
එසේම ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් අත්සන් තැබූ බව සඳහන් වන්නේ.
මේ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 700ක් ලෙස ඉහළ යනු ඇති.