වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ගැටළුව සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් අද පැවැත්වෙන බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර ප්‍රකාශ කළා.
ඒ, දෛනික මූලික වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් සිදුකරන ඉල්ලිම ඉටුකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
