වතු කම්කරුවන්ගේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ සම්මේලනය අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදීයි.
වතු කම්කරු වෘත්තීය සමිති නියෝජනය කරමින් ලංකා ජාතික වතු සේවක සංගමයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී වඩිවේල් සුරේෂ්, ලංකා කම්කරු කොංග්රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී ආරුමුගම් තොණ්ඩමන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් මේ සඳහා එක්ව සිටිනවා.
වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමිය යුතු බවට පසුගිය කාලය පුරා වතු කම්කරු වෘත්තීය සමිතිවලින් විවිධ ඉල්ලීම් ඉදිරිපත් වූ අතර, ඊට අදාළව ක්රියාත්මක වූ ගිවිසුම ලබන ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමටද නියමිතයි.
මේ අනුව වතු කම්කරු වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් වතු කම්කරුවන් හා හාම්පුතුන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකරනු ඇති.
