Gossips

වතු කම්කරු වර්ජනය ඇරඹේ – තේ කර්මාන්තශාලා කටයුතුවලටත් බාධා

වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසය වතුකරය පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් අද (04) දිනයේ වතුකරයේ තේ කර්මාන්තශාලා සහ ඇතැම් වතු කාර්යාල සම්පූර්ණයෙන්ම වසා දැමීමට වතු හාම්පුතුන් පියවර ගෙන ඇති බව සඳහන්.
වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි වතු කම්කරුවන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ තම ඉල්ලීම් ඉටු වන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්. අරුල්සාමි කියා සිටියේ තම වැඩ වර්ජනය සාර්ථක බවයි.
කෙසේ වෙතත්, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවේල් සුරේෂ් කියා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සංගමයේ සහයෝගය ලබාදීම පිළිබද හෙට පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව තීරණය කරන බවයි.